Photoshop tools හඳුනා ගැනීම (PS-Tute.2)

Monday, September 3, 2012


ඕනෙම software එකක් tools දැන ගන්න එපැයෑ නේද../ එහෙමන් බලමු මේ PS(Photoshop) වල ගැජට් ටික... හැබැයි ඉතින් ඔක්කොම නෙමෙයි ඈ..
මම use කරන්නේ CS6 ඉතින් මේකේ තියෙන්න ඒ version එක.... වැඩි වෙනසක් නෑ.. ඔක්කොම එකයි . ..

මේ තියෙන්නේ ඕන කරන Main Tools ටික. මේ ටික තෙරුම් ගත්තනම් පොඩි වැඩ කෑලි ටිකක් දැම්මහැකි...

  1. 1. Marquee Tool (M)

මේ tool එකෙන් කරන්නේ අපිට අවශ්යය කරන කොටසක් වෙන් කරලා එහෙමත් නැත්තම් select කිරීම. ඔය tool එක උඩ right click කලාම, කොටු, රවුම් වගේ හැඩ ගන්න පුලුවන්.
 



2. Move Tool (V)
මේකෙන් ඉතින් කියන්නේ එහේ මෙහෙ කරන්න පුලුවන් කියන එක තමයි. ඒකනේ move කියන්නේ. ඉස්සෙල්ලා කියපු "Marquee Tool" එකෙන් select කරපු තැනක්. Move  කරන්න මේ Move Tool එකෙන් පුලුවන් වගේම. එක image එකකින් object එකක් හෝ layer එකක්. තවත් image එකකට ගන්නත් use කරන්නේ මේ tool එක තමයි.



3. Lasso Tool (L)
මේ tool එකත් ටිකක් විතර ඉස්සෙල්ලම කියපු Marquee Tool එකට සමානයි. සමානයි කිව්වට එච්චරම නෑ. දැන් මේ කියන්න යන Lasso Tool එකෙන් පුලුවන්. අපිට ඕනේ කොටසක් feasible එහෙමත් නැත්ත්ම් නම්යශීලී විදියට කපා කොටා ගන්න. කිව්වේ.. මේ tool එකට නිශ්චිත හැඩයක් නෑ. අපේ අත ඕන විදියට යවලා ඕනේ ටික image එකෙන් වෙන් කර ගන්න පුලුවන්. ඔය tool එක උඩත් right click කලාම. tool එකේම අනෙත් options ටිකත් එනවා. ඒක ඉතින් කරලම බැලුවම තෙරෙයි image එකට ගැලපෙන විදියටත්. ඔයාට ඕනෙ විදියත් අනුව තමයි ඒක තීරනය වෙන්නේ.

n      හැබැයි ඉතින් මම දකින විදියට ඔය Lasso Tool use කරන්න නම් හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ .. ඇත්තම කියනවනම් Photoshop වලට ඕනෙම් දේ තමයි ඉවසීම. මේ කියන මටත් ඕකමයි නැත්තේ.. අනේ මංදා...



4. Magic Wand Tool (W)
මේ tool එකෙනුත් කරන්නේ අපිට අවශ් කොටසක් select කරන එකම තමයි. select කලාට පස්සේ ඉතින් නිකම් ඉන්නෙ නෑනෙ.. ඒකට මොනවාහරි දෙයක් කරන්නත් එපෑයැ. මේ tool එකේ තියෙන විශේෂත්වය තමයි Lasso Tool එක වගේ අපිට අවශ් කොටස දිගේ ඇඳගෙන යන්න ඕනේ නෑ... මේ tool එක image එකේ අවශ්යය තැනට පොඩි touch එකක් දුන්නම. එක colour rage එකක යට set එකක්ම select වෙනවා. හැබැයි එහෙම කියලා කපන කොටන හැම වැඩේටම මේක use කරන්න බෑ. මොකද මේකෙන් select වෙන්නේ එකම colour rage එකක කොටස් නිසා.. අපිට ඕනේ කරන ටික select වෙන්නත්, ඕනෙ ටික select නොවෙන්නත් පුලුවන්. ඉතින් තැනේ හැටියට ඇනේ වගේ මේ Magic Wand Tool එක use කරන්න ඕනේ අවශ් තැනකට විතරයි.
මේ tool එකෙන ඕනෙනම් පොඩි පොඩි creative ගැජට් කෑලිත් දාන්න පුලුවන්.මොකක් හරි image එකක් අරගෙන .. නිකං කනාවට වගේ image එකට මේ tool එකෙන් පොඩි පහේ තට්ටුවක් දාලා.. select කල කොටසට විතරක් brightness, contrast, වගේ ඔය අනං මනං effect ටිකක් දැම්මනම්, මොකක් හරි අලුත් දෙයක් කර ගන්න පුලුවන්.




5. Crop Tool (C)
මේ tool එක ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. mobile device වල photo editors වල ඉඳල, තව photo edit කරන පොඩි පොඩි software කෑලි වලත් මේක තියෙනවනේ. ඕනෙම image එකක අපිට ඕනේ කරන කොටස විතරක් එකපාරම වෙන කර ගන්න එක තමයි මේකෙන් කරන එකම වැඩේ. හැබැයි Photoshop වලදී නම් මේ tool එක උඩ right click කලාම විවිද විදියට crop කරන්න පුලුවන් ප්රභේද තියෙනව. කරලම බලන්නකෝ.








No comments:

Post a Comment