අපේ රටේ මොන දේට සීමාවක් තිබුනත්. දේශපාලනයට අවම සුදුසුකමක් දාලා නෑ. ඇත්ටටම මැර වැඩක් උනත් කරන්න පුලුවන් අධ්‍යාපන සුදුසුකම් නැති කෙනෙකුට විතරයි. අනිත් රටවල කෙතරම් මැර වැඩ සිද්ද උනත්, තාමත් තුන්වන ලෝකයේ රටක් වන ශ්‍රී ලංකාවට සාපේක්ශව බැලුවමනම් ඒ මැර ක්‍රියා බොහෝම අඩුයි. අපේ රටේ රටේ පක්ශ, විපක්ශ හැමදෙනාගෙන්ම බැලුවත් මහා උගතුන් සිටියත්. ඒ හැම කෙනෙක්ටම වඩා ඉන්නේ සුදුසුකම් නැති පිරිසක්. එම හේතුව නිසා. උගතුන් සියල්ලක්ම සුදුසුකම් රහිත පුද්ගලයින් නිසාම විනාශ වෙනවා බලාගෙන ඉන්න ඇද්දිම.
vide
අපේ රටේ ජනාදිපතිවරණයට උනත් අවම අධ්‍යාපන සුදුසුකම්ක් ඉල්ලන්නේ නෑ. නමුත් අද වෙනතුරු සුදුසුකම් රහිත පුද්ගලයෙක් පත් වෙලත් නෑ. නමුත් මේ හැම දෙනෙක්ම ජනතාව වෙනුවෙන් යැයි පවසමින් ආවත් බොහෝ දෙනා සිදු කරන්නෙත් සිදු කලෙත් දූෂනය, හම්බකර ගැනූම වගේ දේවල්. ඇත්තටම කිව්වොත් වෙන රටවලත් ජනාදිපති වරුන් වෙතින් පවා දූශන වෙලා තිබුනත් ඔවුන් ඒ දේවල් පිලිගන්න පසුබට වෙන්නෙත් නෑ. හොඳම උදාහරණය තමයි ඇමරිකාවේ 37 වන ජනපති Richard Milhous Nixon. ඔහු වෝටගේට් සිද්දියෙන් පස්සේ ඉල්ලා අස්වෙන්න තරම් නිහතමානී පුද්ගලයෙක් වුනා. ඔහු ගැන ලෝකයම කතා උනා. නමුත් ලංකාවේ දේශපාලනය ඊට හාත්පසින්ම වෙනස්, ජනාදිපතිවරයෙක් තබා අඩුම තරමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් යම් සිද්දියකදී ඉල්ලා අස් වීමක් පිළිබදව ඔබ අසා තිබේද? මොහොතකට මතක් කර බලන්න 2011 උසස් පෙලට උන සිද්දිය. මේ රටේ උගත්, බුද්දිමත් යැයි සැලකෙන ඇමැතිතුමන්ලා දෙදෙනෙක්ම හැසිරුනේ විහිළුකාරයින් දෙපලක් වගේ. බන්දුල ගුණර්ධන ඇමති තුමා කියන්නේ. මේ රටේ උපකාරක් පංති ශේස්ත්‍රයේ සිටිය දැවැන්තයෙක්. ඒ නිසාම ගුරුවරුන් සහ ශිෂ්‍යන් පවා ඔහු අධ්‍යාපන ඇමති වූ දා පටම සිටියේ බොහෝ බලාපොරොත්තු ඇතුව. නමුත් සිදු වූවේ කුමක්ද? මේ සියල්ලටම හේතුව විය හැක්කේ ඉහතින් සදහන් කළ සුදුසුකම් මද පුද්ගලයන් සමග සුදුසුකම් ඇති පුද්ගලයන් එකට වෙසෙන්නා වූ න්‍යායයි. අනෙක් කරුන ලංකාවේ දේෂපාලකයෙකුට ලැබෙන සැප සම්පත් අනුව කිසිවෙකුත් මේවන් සැපකට පයින් ගැසිය හැකිදැයි සිතන නිසා විය යුතුය.
ලංකාවේ ජනාදිපති හට නඩු දැමීමට නොහැකි ආකාරයට අපේ රටේ ව්‍යවස්තාව නීති ගතකොට ඇත. නමුත් ලොව ප්‍රබල රට වල රාජ්‍යවල පවා මෙසේ නීතියක් නැත. එසේ බලන විට සැබැවින්ම ඇමරිකාවේ ජනාදිපතිට වඩා අපේ ජනාදිපතිට වැඩි බලයක් හිමිවෙ. එසේනම් නම් වත්මන් ලෝක බලවතා බැරැක් ඔබාමා නොව මහින්ද රාජපක්ශයි.
No comments:
Post a Comment